විවරණ චෛත්‍යය

අනාගත බුද්ධ ශාසනය උදෙසා සිදුකෙරෙන මහා පූජාව

විවරණ චෛත්‍යය කියන්නේ මොකක්ද?

අපි හැමෝටම නිර්වාණ මාර්ගයේ නිවැරදිව ගමන් කරන්න උපකාර කරන සුවිශේෂ චෛත්‍යයක්, විවරණ චෛත්‍යය රාජයාණන් වහන්සේ. බුද්ධ ශාසනයක ලැබෙන වටිනාම සම්පත තමා නිවන් මග. නිවන සාක්ෂාත් කරගන්න, අධිෂ්ඨානය උපකාර වෙනවා. "බුදුන් දැක නිවන් දකින්න කියන්නේ" එවැනි බලවත් අධිෂ්ඨානයක්. සම්මා දිට්ඨියෙන් යුතුව සත්‍යාධිෂ්ඨාන තියන්න උපකාර කරන භූමියක් තමා අපි මේ ගොඩනඟන විවරණ චෛත්‍ය රාජයාණන් වහන්සේ.

ශ්‍රී ලංකාවේ වේවැල්දෙනිය ප්‍රදේශයේ, දම් කිරුළ ආරණ්‍ය භූමියේ සුන්දර කඳු මුදුනක, මෙම මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

 

2024 ඔක්තෝබර් මස 10 දින අනුරාධපුරේ රුවන්වැලි මහාසෑ භූමියේ, අලුයම පහයි තිහේ පටන් පැවැත් වූ අධිෂ්ඨාන පූජාව මේ චෛත්‍ය රාජණන් වහන්සේගේ මුල්ගල් තැබීම් මංගල්‍යයට මූලික වුණා.

 

චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතුවල පළවන පියවර දියත් කරන මහා මංගල්‍යය, 2025 පෙබරවාරි මස අලුයම් භාගයේ, රුවන්වැලි මහාසෑය අභියස පැවැත්වූ ආශිර්වාද පූජාව මූලිකව සිද්ධ වුණා.

ශ්‍රී ලංකාවේ Kindness Code Academy ආයතනය, මේ මහා අනභිභවනීය පූජා මංගල්‍යයේ සියලු මෙහෙයවීම් කටයුතු සිදු කරනවා.

විවරණ චෛත්‍යරාජයන් වහන්සේගේ ආකෘතිය 

මේ මහා චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 80 ට අධික මුදලක් ඇස්තමේන්තු ගතයි. මේ මහා දානයට මුදලින් දායකත්වය දීමෙන් තමන්ගේ නිර්වාණ ගමන උදෙසා පාරමී දම් පුරන්නට මේ මහඟු අවස්ථාව උපකාර කරගන්නට ඔබටත් පුළුවනි.

නිසල විල WhatsAapp Group සම්බන්ධ වෙන්න

ගොඩනඟන පියවර: Stage 1, 2 & 3.

Stage 1: සත්‍යය අධිෂ්ඨානයෙන් යුතුව ගඩොලින් ගඩොල තබමින් චෛත්‍යය රාජයාණන් වහන්සේගේ බඳ කොටස සකස් කිරීම.

Stage 2: චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ගර්භයට ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ මංගල්‍යය.

Stage 3: විවරණ චෛත්‍යය මේ මහා ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්මට උපකාරී වන, ත්‍රිවිධ රත්නයේ පරිහරණය උදෙසා භාර කිරීමේ මහා මංගල්‍යය.

ආධාර 

Bank: Seylan Bank
Branch: Kalubowila
Account Name: Kindnesscode
Account No: 0420 13523403 001
SWIFT : SEYBLKLX
Description : විවරණ චෛත්‍ය
Slip එක WhatsApp කරන්න මුතුරාජ නානායක්කාර: +94773955939 හෝ බුද්ධික ෆොන්සේකා: +94774302222